ඊයේ දිනයේ දී රුසියාවේ මොස්කව් අගනුවර ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ප්‍රහාරය සඳහා ඩ්‍රෝන යානා පහක් භාවිතා කර ඇති අතර එය මොස්කව් අගනුවර අවට පුළුල් ප්‍රදේශයක් ඉලක්ක කර ගෙන යුක්රේනය විසින් එල්ල කරන ලද්දක් බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යංශ සඳහන් කරන්නේ.
සියලුම ඩ්‍රෝන යානා බිම හෙලීමට රුසියාව සමත් වී ඇති අතර, කිසිදු ජිවිත හානියක් සිදු වී නොමැත.
කෙසේවෙතත්, ප්‍රහාරයේ වගකීම මෙතෙක් යුක්රේනය භාර ගෙන නොමැති බවයි වාර්තා වෙන්නේ.

