ලෝක කුසලාන තරඟාවලියේ ලංකාවේ ඉදිරි තරඟ කාලසටහන

මෙතෙක් සහභාගී වූ තරඟ සියල්ලෙන්ම ජයග්‍රහණය හිමි කර ගනිමින්, මෙවර ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගත් පළමු කණ්ඩායම වීමට B කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ තරග ආරම්භ කරමින් ඔක්තෝබර් 7 වනදා දකුණු අප්‍රිකාව සමගත්, ඔක්තෝබර් 12 වනදා පාකිස්තානය සමඟත්, ඔක්තෝබර් 16 වනදා ඔස්ට්‍රේලියාව සමඟත් ක්‍රීඩා කිරීමට නියමිතය.

එසේම සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියෙන් සිය ස්ථානය හිමිකරගන්නා අනෙක් කණ්ඩායම සමග ඔක්තෝබර් 21 වනදා තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් 26 වනදා එංගලන්තයට එරෙහිවත්, ඔක්තෝබර් 30 වනදා ඇෆ්ගනිස්තානයට එරෙහිවත්, නොවැම්බර් 02 වනදා ඉන්දියාවට එරෙහිවත් තරගවදිනු ඇත.

නොවැම්බර් 6 වනදා බංග්ලාදේශය සමග ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව මුහුණ දෙන මුල් වටයේ අවසන් තරගය පැවැත්වෙන්නේ නොවැම්බර් 09 වනදා නවසීලන්තයට එරෙහිවය.