කොටි නායකයාගේ මරණය ගැන මම කිසිවක් දන්නේ නෑ – මෛත්‍රී

කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මරණය හෝ ඔහුගේ මෘත දේහයේ සිදු කරන ලද ජාන පර්යේෂණ සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරනවා.

අවසන් යුද්ධයේ දී සති දෙකක් පමණ කාලයකට නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා ලෙස ද කටයුතු කරමින් යුද්ධය මෙහෙයවීමට දායක වුවත් ප්‍රභාකරන්ගේ මරණය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවත්, කිසිවෙකුත් ඒ සම්බන්ධයෙන් තමන් දැනුවත් නොකළ බවත් හිටපු ජනාධිපතිවරයා චෝදනා කරනවා.

තොරතුරු දැන ගැනීමේ පනත හරහා අදාළ තොරතුරු ලබා ගැනීමට උත්සහ කළ අවස්ථාවේ දී හමුදාව විසින් එය වළක්වා තිබු බවයි ඔහු යාපනයේ නල්ලූර් හි පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ.