දිස්ත්‍රික් තුනකට නාය යෑමේ අනතුරු ඇඟවීම්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමිටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඊට අමතරව ඌව පළාතේ ත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැක බව සඳමන් වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු-මැද පළාත, පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල සුළං වේගය පැයට කිලෝමීටර් 45 ක් පමණ දක්වා ඉහළ යා හැකි වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ අකුණු අනතුරුවලින් ආරක්ෂා වන ලෙසයි.

මේ අතර රත්නපුර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.