2019, 2020 සහ 2021 වසරවලදී උසස් පෙළ විභාගයට පෙනී සිට සමත් වූවන්ට රජයේ අනුමත පෞද්ගලික විශ්වවිද්‍යාලවල උපාධිය හැදෑරීම සඳහා පොලී රහිත ණය ලබා ගැනීමට අද සිට අයදුම්පත් යොමුකළ හැකි වනවා.
ඒ අනුව www.studentloans.mohe.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් අගෝස්තු 07 වන දින දක්වා අයදුම්පත් යොමුකළ හැකිය.
සිසුන් 5,000ක් සඳහා ණය මුදල් ලබාදීමට නියමිත අතර ගෙවීම සඳහා වසර 07ක හෝ 08ක කාලයක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.
උපරිම ලක්ෂ 08ක මුදලක් ණය වශයෙන් ලබාගත හැකි අතර ඒ සඳහා වන පොලිය රජය මඟින් දැරීමට තීරණය කර ඇත.
අනුමත විශ්වවිද්‍යාලවලින් වසර 03 හෝ වසර 04 උපාධි පාඨමාලා හැදැරිය හැකි බවයි උසස් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

