දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට සමගාමීව දේශීය ආදායම් බදු පනත සහ විසර්ජන පනත සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරනවා.
එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා සියලුම විශ්‍රාමික අරමුදල්වලට ඉදිරියේ දී ආරාධනයක් සිදුකිරීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ.
එම සාකච්ඡාවලින් අනතුරුව ඔවුන්ගේ විකල්ප අදහස් ඇත්නම් ඒවා පිළිබඳවද සලකා බැලීමට බලාපොරොත්තු වන බව යි වැඩිදුරටත් සඳහන් කරන්නේ.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ යෝජනාව ඊයේ පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගනු ලැබුවා.

