ටොංගා හි ප්‍රබල භූ කම්පනයක්

ටොංගා රාජ්‍යයේ නියාෆු නම් කලාපයේ රිච්ටර් පරිමාණයේ ඒකක 6.9ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.

එම භූමිකම්පාව කිලෝමීටර 247 ක් පමණ ගැඹුරින් ඇති වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත්තේ.

භූ කම්පනය හේතුවෙන් එක්සත් ජනපදයේ බටහිර වෙරළ තීරය, බ්‍රිතාන්‍ය, කොලොම්බියාව සහ ඇලස්කාව යන අසල්වැසි රටවල් කිසිවක් සඳහා සුනාමි අවදානමක් නොමැති බවයි ඇමරිකාවේ සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතීන් පවසන්නේ.