නව ජල සැපයුම් කඩිනමින් ලබා දීමට පියවර

නව ජල සැපයුම් සබඳතා කඩිනමින් හා පහසුවෙන් ලබා දීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට ජල සම්පාදන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ඊට සමගාමීව වාරික වශයෙන් ගෙවීමේ පහසුකම යටතේ ජල සැපයුම් සම්බන්ධතාව ලබා ගැනීමට ද පාරිභෝගිකයින්ට අවස්ථාව ලබා දෙන බවයි එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේ.