ශ්‍රී ලංකන් ගුවන් සේවය කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණය නොකළහොත් 6,000 ක පමණ පිරිසකට රැකියා අහිමි වීමේ අවදානමක් ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරනවා.
දිගින් දිගටම අලාභ ලබන ශ්‍රී ලංකන් ගුවන් සමගම නඩත්තු කිරීම රජයට අඛණ්ඩව සිදු කළ නොහැකි බවත්, එය ජනතාවගේ බදු මුදල් අසාධාරණව නාස්ති කිරීමක් පමණක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
මේ වන විටත් ශ්‍රී ලංකන් ගුවන් සමගම ප්‍රතිව්‍යුහගතකරණ කිරීමට අදාළ කටයුතු සිදු කිරීමට අන්තර්ජාතික මුල්‍ය විශේෂඥ සහය ලබා ගැනීමට පියවර ගනිමින් පවතින බවයි වැඩිදුරටත් සඳහන් කරන්නේ.

