රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ෆේස්බුක් පිටුව (Department of Government Information) හැකර්වරුන්ගේ ග්රහණයට පත්වී තිබෙනවා.
ඊට අදාළ තාක්ෂණික හා නීතිමය කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බව යි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
මේ වනවිට රජයේ නිල තොරතුරු හා ප්රවෘත්ති මෙම ෆේස්බුක් පිටුවේ යාවත්කාලීන කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ෆේස්බුක් පිටුව වෙත පිවිසෙන පරිශීලකයින්ට සිදුවන අපහසුතාවය පිළිබඳව දෙපාර්තමේන්තුව විසින් කණගාටුව ප්රකාශ කරන බව ද දැනුම් දී තිබෙනවා.

