පාතාල මර්දනයට STF යොදවයි

බස්නාහිර හා දකුණු පළාතේ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) යොදවා ඇතැයි පොලිසිය ප්‍රකාශ කරනවා.

බස්නාහිර පළාතේ තෝරාගත් ප්‍රදේශ ආශ්‍රිතව මෙන්ම දකුණු පළාතේ කොස්ගොඩ, අම්බලන්ගොඩ, අහුන්ගල්ල ඇල්පිටිය, මීටියාගොඩ, හික්කඩුව හා මාතර යන ප්‍රදේශ ආශ්‍රිත එලෙස විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

එම නිලධාරීන් විසින් මාර්ග බාධක යොදා ගනිමින් පරීක්ෂා කිරීම, සෝදිසි මෙහෙයුම් ආදිය ක්‍රියාත්මක කිරීමට නියමිත බවද පොලිසිය සඳහන් කරනවා.