සෑම වසරක ජූලි පළමුවෙනි දා සිදු කෙරෙන ජාතික බස් ගාස්තු සංශෝධනය මෙවර සිදු නොකිරීමට තීරණය කර ඇති බව බස් සංගම් පවසනවා.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් 7% ක බස් ගාස්තු වැඩි කිරීමක් සිදු කළ හැකි බවට දැනුම් දී ඇතත් මෙවර ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකරන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා ප්රකාශ කළේ.
කෙසේවෙතත් අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය වූ මැයි 01 දා ඔවුන් කියා සිටියේ ජූලි 01 වන දා සිට බස් ගාස්තුව අඩු කළ හැකි බවක් ය.

