ප්‍රංශයේ විරෝධතා තවදුරටත්

ප්‍රංශය තුළ තුන්වන දිනටත් විරෝධතා ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අප්‍රිකානු සම්භවයක් ඇති 17 හැවිරිදි නහෙල් නම් තරුණයෙක් පොලිස් වෙඩි පහරකින් මිය යාම හේතුවෙන් මෙම විරෝධතා හට ගෙන තිබෙනවා.

මෙම විරෝධතා හේතුවෙන් 400 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර 200 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙන බවයි වාර්තා වෙන්නේ.

එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සඳහන් කොට ඇත්තේ ප්‍රංශය පුරා 40,000 ක් පමණ ආරක්ෂක අංශ සාමාජිකයින් පිරිසක් යොදවා ඇති බවත්, විරෝධතා වැඩි වශයෙන් ක්‍රියාත්මක වන ප්‍රංශයේ Clamart නගරයට ලබන ජූලි 3 වන දා දක්වා ඇඳිරි නීතිය පනවා ඇති බවත් ය.