කුඩා දරුවන්ට සත්වෝද්‍යානය නොමිලයේ නැරඹීමට අවස්ථාවක්

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට වසර 87 ක් සපිරීම නිමිති කොට ගෙන ජූලි මස 03 වන දා, වයස අවුරුදු 12 න් පහළ කුඩා දරුවන් සඳහා දෙහිවල ජාතික සත්වෝද්‍යානය නොමිලයේ නැරඹීමට අවස්ථාවක් සලසා දී තිබෙනවා.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ ජූලි 03 වන දින සිට සතියක කාලයක් පුරාවට දැනුම ලබා ගත හැකි මෙන්ම විනෝදාත්මක විශේෂ වැඩසටහන් ගණනාවක් සංවිධානය කර ඇති බවයි.