අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයින් සීයක් මරුට

මෙක්සිකෝවේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් පසුගුය සති දෙක තුළ අවම වශයෙන් පුද්ගලයින් 100 දෙනෙක් පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට සමහර ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ක් හෙවත් ෆැරන්හයිට් 122 ක් පමණ තරම් ඉහළ අගයක් ගෙන තිබෙනවා.

වාර්තා වී ඇති මරණ වලින් වැඩි ප්‍රමාණයකට උෂ්ණත්වය හේතුවෙන් ඇති වූ ආඝාත තත්ත්වය හේතු වී තිබුණු අතර සුළු මරණ සංඛ්‍යාවක් විජලනය හේතුවෙන් සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ.