දේශීය ණය ප්රතිව්යුහගත කිරීම පිළිබඳ විවාදය හෙට උදෑසන 9.30 සිට සවස 7.30 දක්වා පැවැත්වීමට පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා.
එමෙන්ම විවාදය අවසන් වී පස්වරු 7.30 ට ඡන්ද විමසීමක් ද පැවැත්වීමට නියමිතව ඇත.
අද පැවැත්වුණු ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වූ පක්ෂ නායකයින්ගෙන් සමන්විත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා වාරයේ දී මෙම තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව ජූලි 02 වන ඉරිදා දිනයේ දී පාර්ලිමේන්තුව රැස් වන්නේ නැත.

