පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්රමයේ 7 වන අදියර සඳහා අයදුම්පත් කැඳවීම ලබන ජූලි මස 04 වනදා සිට ආරම්භ කරන බව නිවේදනය කරනවා.
2023.08.07 වනදා දක්වා අයදුම්පත් යොමු කළ හැකි බව යි අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ.
මේ සඳහා 2019/2020/2021 වර්ෂයන්හි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද අ.පො.ස. උසස් පෙළ විභාගය සමත් සිසුන් සුදුසුකම් ලබනවා.
අයදුම්පත් http://www.studentloans.mohe.gov.lk වෙබ් අඩවිය ඔස්සේ Online ක්‍රමයට යොමු කළ හැකි අතර එම වෙබ් අඩවියට පිවිස පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්රමයේ ශිෂ්‍ය අත්පොත පරිශීලනය කර අදාළ සියලු තොරතුරු ලබා ගත හැක.
එසේම 070 -35 55 970 සිට 79 දක්වා දුරකථන අංක අමතා ද වැඩි විස්තර විමසිය හැකි වනවා.

