ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගාස්තු සංශෝධනයක්

ජූලි මස පළමුවෙනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සිය ගාස්තු සංශෝධනයකට ලක් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

එම නිවේදනයට අනුව රැකියා සඳහා විදේශ ගතවන සෑම ශ්‍රි ලාංකිකයෙකුම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීම අනිවාර්ය වනවා.

එසේම විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යාම සඳහා කාර්යාංශය විසින් බලපත්‍ර ලබාදෙනුයේ වසරක කාලසීමාවක් සඳහා වන අතර, එම ආයතනය තවදුරටත් පවත්වාගෙන යන්නේ නම් බලපත්‍රය දීර්ඝ කිරීම සඳහා කාර්යාංශයේ අනුමැතිය ලබා ගැනීම පනතේ විධි විධාන යටතේ සිදු කළ යුතු වනවා.

අදාළ ගාස්තු සංශෝධනය ඔස්සේ එන නව අගයන් පහතින්.

1) විදේශ රැකියා ලාභීන් කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේ ගාස්තුව – රු.21,467.00 (බදු සමග)

2) ලියාපදිංචිය නැවත අලුත් කිරීමේ ගාස්තුව – රු.4,483.00 (බදු සමග)

3) රැකියා නියෝජිතායතනයක බලපත්‍රය අලුත් කිරිමේ ගාස්තුව – රු.117,949.00 (බදු සමග)

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු, කාර්යාංශයේ පැය 24 තොරතුරු මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංක 1989 ඇමතීම මගින් ලබා ගත හැක.