ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබා දීමට ලෝක බැංකුව අනුමැතිය ලබා දී තිබෙන බවට් වාර්තා වෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පසුගිය මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව සමඟ එකඟතාවකට එළැඹීමෙන් පසු ශ්‍රී ලංකාවට හිමි වන විශාලතම මුල්‍ය සහනය මෙය වනවා.
මුළු මුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500ක් අයවැය සඳහා සහාය දීමටත්, ඉතිරි අමෙරිකානු ඩොලර් මිලියන 200 සමාජ ආරක්ෂණ කටයුතු සඳහාත් වෙන්කර තිබෙනවා.

