ශ්රී ලංකන් සහ Fits Air යන ගුවන් සමාගම් දෙකට විදේශීය ගුවන් නියමුවන් බඳවා ගැනීමට අවසර ලබා දී ඇති බව සිවිල් හා ගුවන් සේවා අධිකාරිය දැනුම් දෙනවා.
මෙරටින් නියමුවන් බඳවා ගැනීම සඳහා පුවත්පත් දැන්වීම් පළ කළ ද එමඟින් සුදුසුකම්ලත් පලපුරුදු නියමුවන් බඳවා ගැනීමට නොහැකි වූ බවයි එහි සභාපතිවරයා පවසන්නේ.
පසුගිය මස 06 ක කාලය තුළ ශ්රී ලංකා ගුවන් සේවා ක්ෂේත්රයේ ප්රවීණයන් සහ ගුවන් නියමුවන් විශාල ප්රමාණයක් ඉතා ඉහළ වැටුප් ලබා දෙන විදේශීය ගුවන් සමාගම්වලට සම්බන්ධ වී ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්රකාශ කරන්නේ.

