විදෙස් තානාපතිවරුන් 12 දෙනෙකුට අක්ත පත්ර ප්රදානය කිරීම හෙට මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිත යි.
මේ හේතුවෙන් හෙට දින උදෑසන 9.30 සිට දහවල් 12.00 දක්වා කාලසීමාව තුළ මහනුවර නගරය ආවරණය වන පරිදි විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක වන බවයි පොලිසිය දැනුම් දෙන්නේ.
ඒ අනුව පෙරවරු 5.00 සිට දහවල් 12.00 දක්වා කාල සීමාව තුළ පහත සඳහන් මාර්ග දෙපස වාහන නැවත්වීම තහනම් කොට තිබෙනවා.
• ඩී.එස්.සේනානායක වීදිය
• මහනගර සභා හන්දියේ සිට ක්වීන්ස් හෝටලය දක්වා වූ මාර්ගය
• දළදා වීදිය
• දළදා වීදියේ ක්වීන්ස් හෝටල් හන්දියේ සිට කොටුගොඩැල්ල වීදිය හන්දිය දක්වා මාර්ගය
• කොටුගොඩැල්ල පාරේ රජ වීදිය හන්දියේ සිට දළදා වීදිය හන්දිය දක්වා මාර්ගය
• කොටුගොඩැල්ල වීදියේ රජ වීදිය හන්දියේ සිට ජනාධිපති මන්දිරය දක්වා මාර්ගය
එසේම විදෙස් නියෝජිතයන් ගමන් ගන්නා මාර්ගවල රියදුරන්ට රිය ධාවනයට අවසර ලබා දී ඇතත් රජයේ වාහන පෙළ පවතින අවස්ථාවල දී වාහන ගමනාගමනය සීමා කරන බවයි වැඩිදුරටත් සඳහන් කරන්නේ.

