ලංකා සතොස ආයතනය විසින් හෙට සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග 03 ක මිල පහළ දමා තිබෙනවා.
ඒ අනුව,
දේශීය සුදු කැකුළු කිලෝ 1 ක් රුපියල් 165.00 ද,
දේශීය සුදු නාඩු කිලෝ 1 රුපියල් 168.00 ද,
දේශීය රතු කැකුළු කිලෝ 1 රුපියල් 137.00 ක් ද වනවා.

