රට රැකියාවට යන ශ්රමිකයින් සඳහා වෘත්තීය පුහුණු අධිකාරියෙන් පුහුණුවක් ලබා දීමට වෘත්තීය පුහුණු අධිකාරිය සහ විදේශ සේවා නියුක්ති කාර්යංශය අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙනවා.
ඒ සඳහා වූ අයැදුම්පත් කැඳවීම ජූලි මස 01 වෙනි සතිය වනවිට ආරම්භ කරන බවයි වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපතිවරයා පවසන්නේ.
මෙම වැඩසටහන හරහා කාර්යයන් 23ක් යටතේ ශ්රමිකයන් පුහුණු කිරීමට නියමිත බව සඳහන් වෙන්වා.

