චීනයේ සිට ලංකාවට ඍජු ගුවන් ගමන් යළි අරඹයි

චීනයේ සිට ශ්‍රී ලංකාව දක්වා සෘජු ගුවන් ගමන් සේවය යළි ආරම්භ කිරීමට Air China ගුවන් සේවය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන ජූලි 03 වන දා සිට චීනයේ Chengdu සිට කොළඹ දක්වා ගුවන් ගමන් වාර 3ක් සහ කොළඹ සිට Chengdu දක්වා ගුවන් ගමන් වාර 3ක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

චීනයේ Chengdu සිට ගමන් අරඹන Air China CA 425 දරණ ගුවන් යානය සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල රාත්‍රී 08.55ට කටුනායකට ළඟාවීමට නියමිතය.

එසේම කටුනායක සිට ගමන් අරඹන Air China CA 426 දරණ ගුවන් යානය සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල රාත්‍රී 10.15ට චීනයේ Chengdu වෙත ළඟාවීමට නියමිතය..