කොළඹ කොටුව සහ යාපනය අතර දුම්රිය ධාවනය නැවතත්

යාපනය සහ කොළඹ කොටුව අතර ඍජු දුම්රිය ධාවනය නැවතත් ජූලි මස 15 වන දා සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් මෙතෙක් කොළඹ කොටුවේ සිට ධාවනය වූ දුම්රිය පසුගිය ජනවාරි 05 වන දා සිට අනුරාධපුරය දක්වා සීමා වී තිබෙනවා.