රාත්‍රී කාලයේ දී මාර්ග බාධක රාජකාරිවල නිරත ආරක්ෂක අංශ නිලධාරීන් රථ වාහන නතර කිරීමක් කළහොත් ඊට සහය දක්වන ලෙස පොලිසිය රියදුරන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා.
වැලිගම – දෙණිපිටිය ප්‍රදේශයේ මාර්ග බාධකය දී නොනවත්වා ධාවනය වූ කුඩා ප්‍රමාණයේ ලොරි රථයක් නතර කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය අහසට වෙඩි තැබීමේ සිද්ධියක් මුල් කර ගෙන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා.
අදාළ ලොරි රථය මාර්ග බාධකය නොසලකමින් අධික වේගයෙන් නොනවත්වා ධාවනය කිරීම හේතුවෙනුයි මෙලෙස අහසට වෙඩි තැබීමට එම නිලධාරීන්ට සිදු වී ඇත්තේ.

