රුසියාව විසින් නැගෙනහිර යුක්රේනයේ පිහිටි ක්‍රමටෝර්ස්ක් නගරය වෙත ගුවනින් මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කොට තිබෙනවා.
එහි දී එක මිසයිලයක් නගර මධ්‍යයේ වූ Ria Pizza නම් වූ ජනප්‍රිය අවන්හලයට වැදී ඇති අතර අනෙක නගරයේ මායිමේ පිහිටි ගමකට වැදී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 04 ක් පමණ මිය ගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවයි.

