දකුණු කොරියානුවන් වසරකින් හෝ දෙකකින් තරුණ වෙයි

දකුණු කොරියාවේ වයස ගණන් කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කර ඇති නව නීතියක් හේතුවෙන්, අද සිට දකුණු කොරියානුවන් වසරකින් හෝ දෙකකින් බාල වී තිබෙනවා.

ඒ එරට මෙතෙක් ක්‍රියාත්මක කළ වයස තීරණය කරන ක්‍රමවේද දෙක වෙනුවට ජාත්‍යන්තරව පිළිගත් උපන් දිනය මත පදනම්ව වයස ගණනය කිරීමේ ක්‍රමවේදයට අනුගත වීම හේතුවෙනි.

යමෙක් උපදින විට වයස වසරක් ලෙස සැලකීමත් අනතුරුව එළඹෙන ජනවාරි 01 වනදාට වයසට තවත් වසරක් එක් කිරීම ඔවුන් භාවිතා කළ එක් ක්‍රමයක් වනවා. එයට අනුව දෙසැම්බර් 31 වනදා ඉපදුණු ළදරුවෙක් ඊට පසු දින එනම් ජනවාරි 01 වනදා වසර දෙකක් වයස වනවා.

අනෙක් ක්‍රමවේදයේ දී වසරේ කුමන දිනයක ඉපදුන ද එළඹෙන වසරේ ජනවාරි 01 වනදා ට වසරක් වයසැති ලෙස සැලකීම සිදු විය.