පවතින ගුරු හිඟය හේතුවෙන් ළමුන් 100 කට වඩා අඩු පාසල් වැසී යාමේ අවදානමක් මතු වී ඇති බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කරනවා.
එවැනි පාසල් 2000 කට වැඩි සංඛ්‍යාවක් පවතින බවයි සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කර ඇත්තේ.
ගුරු හිඟය සඳහා අධ්‍යාපන අමාත්‍යංශය නිසි විසඳුම් ලබා දීමට කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

