ප්රදේශ 03ක විදුලි පාරිභෝගිකයින් සඳහා ජුලි 01 වනදා සිට ඩිජිටල් ආකාරයෙන් විදුලි බිල්පත් ලබාදීමේ ක්රමවේදයක් ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව දෙහිවල, කැලණිය සහ ශ්රී ජයවර්ධනපුර යන ප්රදේශවල පදිංචි විදුලි පාරිභෝගිකයින් සඳහා SMS හෝ ඊ-මේල් හරහා සිය විදුලි බිල්පත ලබා දෙනු ඇත.
මේ සඳහා SMS ඔස්සේ ලියාපදිංචි වීමට නම් REG <හිස්තැනක්> ඔබේ ගිණුම් අංකය සඳහන් කර 1987 ට යැවිය යුතු වෙනවා.
එසේම http://ebill.ceb.lk වෙතට පිවිසීමෙන් online ලියාපදිංචි විය හැකි වේ.

