අස්වැසුම වැඩසටහනට අදාලව අභියාචනා භාර ගන්නා කාල සීමාව ජුලි 10 වන දා දක්වා දීර්ඝ කොට තිබෙනවා.
පසුගිය ජුනි 20 වනදා අස්වැසුම ප්රතිලාභ බලා ගැනීම සඳහා සුදුසුකම් ලැබූවන්ගේ නාමලේඛනය මුදල් අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කෙරුණා.
කෙසේවෙතත් එම ලේඛනය සැකසීමේදී සුදුසු පුද්ගලයින්ට ප්‍රමුඛතාවය ලබා දී නොමැති බවට පාර්ශව රැසක් චෝදනා කර තිබුණු අතර ඒ සම්බන්ධයන් දැඩි කතා බහක් පාර්ලිමේන්තුවේ දී ද ඇති වී තිබුනා.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරන්නේ නුසුදුසු පුද්ගලයින් එම ප්‍රතිලාභය ලබාගෙන ඇත්නම් ඒ පිළිබඳ රජය දැනුවත් කිරීම ජනතාවගේ යුතුකමක් බවයි

