මත්ද්‍රව්‍ය සාදයක් වටලයි

අවිස්සාවේල්ල කැලණි ගඟට මායිම්ව හෝටලයක් තුළ මුහුණු පොත හරහා සංවිධානය කරන ලද  මත්ද්‍රව්‍ය සාදයක් වටලා එය සංවිධානය කළ ප්‍රධාන සැකකරු ඇතුළු දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලීසිය කියයි.

මුහුණු  පොත හරහා සංවිධානය කරන ලද මත්ද්‍රව්‍ය සාදයක් හෝටලයක් තුළ පැවැත්වෙන බවට සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතාට ලද රහසිගත තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇත.

එම හෝටලය වැටලීම සඳහා කැලෑබද මාර්ගයේ යන අවස්ථාවේදී මාර්ගයේ තැන තැන ලී කොට දමා  බාධක දමා තිබූ බවත් ඊට අමතරව ඔත්තුකරුවන් ද දමා තිබූ බවත් පොලීසිය කියයි.