විදුලි ගාස්තු සංශෝධනයට මහජන උපදෙස් ලබා ගැනීමේ සැසියක්

විදුලි ගාස්තු සං‍‍ශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සඳහා විශේෂ මහජන උපදේශන සැසියක් පැවැත්වීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

ඒ අනුව ලබන අඟහරුවාදා එනම් ජුනි 27 වනදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී එම මහජන උපදේශන සැසිය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

විදුලි ගාස්තු වැඩිවීම හෝ අඩුවීම සම්බන්ධයෙන් එහිදී මහජනතාවට අදහස් ඉදිරිපත් කිරීමට හැකියාව පවතිනවා.

වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සාමාජිකයින් ඇතුළු ඕනෑම අයෙකුට මේ සඳහා අදහස් ලබාදීමට හැකියාව පවතින බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ.