බටහිර ප්‍රංශයේ ප්‍රබල භූ කම්පනයක්

ඊයේ සවස බටහිර ප්‍රංශයේ රික්ටර් මාපකයේ ඒකක 5.8ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් සිදු වී තිබෙනවා.

එම භූ කම්පනයේ බලපෑම විශාල ප්‍රදේශයකට දනී ඇති අතර, ගොඩනැඟිලි රැසක බිත්ති පුපුරා යාම් සහ ඉරිතැලීම් ද නීරීක්ෂණය වී ඇති බව එරට බලධාරීන් සඳහන් කරනවා.

භූ කම්පනය හේතුවෙන් එක පුද්ගලයෙක් සුළු තුවාලා ලබා තිබෙන බවයි වාර්තා වෙන්නේ.

එසේම භූ කම්පනය හේතුවෙන් විදුලි රැහැන් කඩාවැටීමත් සමඟ නිවාස දහසකට වැඩි සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රංශයෙන් මැග්නිටියුඩ් 5 ඉක්මවූ භූ කම්පන වාර්තා වීම දුර්ලභ වන අතර එරට තුළ එවැනි භු කම්පනයක් අවසන්වරට සිදු වී ඇත්තේ 2019 වසරේ ඩ්‍රෝම් ප්‍රදේශයේ ය.