ගත වූ සතිය තුළ සමස්ත කොටස් මිල දර්ශකය 4.88% කින් ඉහළ ගොස්, දර්ශක අගය 9348.6 දක්වා වර්ධනය වී තිබෙනවා.
පසුගිය සතිය හා සැසඳීමේදී මෙය සැලකිය යුතු ඉහල යාමක් ලෙසයි ශ්‍රී ලංකා මහා බැංකුව පෙන්වා දෙන්නේ.
එසේම S and P ශ්‍රී ලංකා 20 දර්ශකය 5.78% කින් එනම් දර්ශක අගය 2638.82 දක්වා ඉහල ගොස් ඇත.
සමස්ත වෙළඳපොල ද්‍රවශ්‍රිලිතාව, ඊට පෙර සතියේ අග පවතී රුපියල් බිලියන 212.116 හිඟයට සාපේක්ෂව මෙම සතියේ දී රුපියල් බිලියන 78.847 ක හිඟයක් පෙන්වන බවයි මහා බැංකුව නිකුත් කල ආර්ථික දත්ත විශ්ලේෂණයේ දැක්වෙන්නේ.

