කොරෝනා දෙවන රැල්ලක අනතුරු ඇඟවීමක්

අවදානම් සහ ආපදා අවම කිරීම සම්බන්ධයෙන් විශේෂඥයෙකු වන බ්‍රිතානයේ මහාචාර්ය ඩේවිඩ් ඇලෙක්සැන්ඩර් පවසන්නේ අනාගතයේ යලිත් වරක් කොවිඩ් වසංගතයක් ඒම නොවැලක්විය හැකි බවයි.

මිනිසුන්ට ආසාදනය විය හැකි කොරෝනා වෛරස කාණ්ඩ හතක් මේ වන විට සොයා ගෙන ඇති අතර ඉන් SARS සහ MERS යන දෙකම 21 වන සියවසේ දරුණු වසංගත ඇති කොට තිබෙනවා.

දැනට රටවල ක්‍රියාත්මක කොවිඩ් මර්දන වැඩපිළිවෙලවල් කිසි සේත්ම ජනතාව මෙම ඇති විය හැකි වසංගතයෙන් සම්පූර්ණයෙන් මුදවා ගැන්මට සමත් නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.