ලංකා සතොස මඟින් ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 03 ක මිල පහත දැමීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව වටානා කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 13 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 275 කි.
පාන්පිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 05 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 195 කි.
එසේම රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 04 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 295 කි.

