Times උසස් අධ්‍යාපන ලෝක ශ්‍රේණිගත කිරීමේ නවතම වාර්තාවට අනුව මෙරට හොඳම විශ්වවිද්‍යාලය බවට නැවත වතාවක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය පත්ව තිබෙනවා.
එහි දී ලොව හොඳම විශ්වවිද්‍යාලය බවට පත්ව ඇත්තේ බ්‍රිතානයේ Oxford විශ්වවිද්‍යාලය වන අතර ඇමරිකාවේ Harvard විශ්වවිද්‍යාලය එහි දෙවන තැනට පත් වී තිබෙනවා.
පේරාදෙණිය විශ්ව විද්‍යාලට හිමි ව ඇත්තේ එම ලෝක ශ්‍රේණිගත කිරීමේ 501 සහ 600 අතර වූ ස්ථානයකි.
එමෙන්ම ආසියාවේ විශ්ව විද්‍යාල අතරින් 93 වන ස්ථානය එයට හිමි වී තිබෙනවා.
කාර්යසාධන දර්ශක 13 ක් භාවිතා කරමින්, රටවල් 104 ක විශ්ව විද්‍යාල 1799 ක් යොදා ගනිමින් මෙම වර්ගීකරණය සිදු කර ඇති බවයි එම වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

