විදුලි සංදේශ දෙපාර්තමේන්තුව සහ අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුව ඈවර කර වසා දැමීමට අදාළ ගැසට් නිවේදනය මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා.
වියදම් කළමනාකරණ කිරීමේ ප්රත්පත්තිය යටතේ රජයේ ආයතනයක් මඟින් නිශ්චිත කාර්යයයක් ඉටු නොවන්නේ නම් ඒවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සලකා බැලීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙම ආයතන දෙක මඟින් ඉටුවන සේවාවන් වෙනත් රජයේ ආයතන මඟින් ද සිදුවන බැවින් අදාළ දෙපාර්තමේන්තු වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා.

