කොළඹ නගරය සඳහා ප්රථම වතාවට පාරිසරික හා දේශගුණික සැලැස්මක් සකස් කිරීමේ කටයුතු පරිසර අමාත්යංශය සමඟ එක්ව කොළඹ නගර සභාව විසින් ආරම්භ කොට තිබෙනවා.
මෙවැනි සැලැස්මක් මගින්, කොළඹ නගරයේ දිවා හා රාත්රී කාලයේ දී වාතාශ්රයේ ගුණාත්මක බව රැක ගත හැකි බවයි කොළඹ සංවර්ධන කමිටු සභාපතිවරයා පෙන්වා දෙන්නේ.
කැළණි ගංගාවේ ජලයේ ගුණාත්මකභාවය, වෙරළ තිරයේ පාරිසරික පද්ධතිය සුරැකීම, කඩොලාන සහ ජලජ ජීවින් ආරක්ෂක පද්ධතිය රැකගැනීම, වන ගහනය සහ වෘක්ෂලතා ආරක්ෂක විධිවිදාන ද මෙහි දී සලකා බැලෙනවා.
මෙම සැලැස්මට අනුව නැවතත් කොළඹ නගරය ආසියාවේ හරිත පුරවරය ලෙස දියුණු කිරීමට හැකි වනු ඇතැයි එම කමිටුව සඳහන් කරනවා

