දේශීය ආර්ථික වර්ධන වේගය පහළට

2023 වර්ෂයේ පළමු කාර්තුවේ මෙරට දළ දේශීය නිෂ්පාදනය ඝෘණ වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එහි සඳහන් වන්නේ 2023 වර්ෂයේ පළමුවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 11.5%ක ඝෘණාත්මක වර්ධනයක් වී ඇති බවයි.

එසේම පළමු කාර්තුවේ දී කෘෂිකාර්මික ආර්ථික කටයුතු 0.8% ක සුළු වාර්තා කර ඇති බවත්, කර්මාන්ත ආර්ථික කටයුතු හා සේවා ආර්ථික කටයුතු පිලිවෙලින් 23.4% හා 5% බැගින් පසු බැසීම් වාර්තා කර ඇති බවත් එහි වැඩිදුරටත් දැක්වේ.