කොළඹ සහ හයිලෙවල් පාරට නව ලංගම බස් සේවාවක්

ගාලු පාර, හොරණ – කොළඹ ප්‍රධාන මාර්ගය සහ හයිලෙවල් මාර්ගය සම්බන්ධ කරමින් නව ලංගම බස් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

ලංකා ගමනාගමන් මණ්ඩලයේ මොරටුව සහ රත්මලාන ඩිපෝ මඟින් ගාලු පාර, හොරණ – කොළඹ ප්‍රධාන මාර්ගය සහ හයිලෙවල් මාර්ගය සම්බන්ධ කරමින්, කොළඹට ඇතුළුවන මගුන්ගේ පහසුව සඳහා, රත්මලාන දුම්රිය පොළ සිට මහරගම දක්වා සහ ගල්කිස්ස, බොරුපන, වේරහැර, කොට්ටාව මාර්ගයේ නව බස් රථ සේවාවක් ආරම්භ වනවා.

කොළඹට ඇතුළු වීම හා පිටවීම උදෙසා දෛනිකව විශාල මගීන් ප්‍රමාණයක් භාවිතා කරන මෙම මාර්ග සඳහා නව බස් රථ සේවාව ආරම්භ කිරීමත් සමඟ විශාල පිරිසකගේ ප්‍රවාහන ගැටළු සඳහා විසඳුම් සැලසෙනු ඇතැයි ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.