ශිෂ්‍යත්වය විභාගයට දින නියම වෙයි

2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය ලබන ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ සඳහා අයදුම්පත් කැඳවීම ජූනි මස 15 වන දින සිට ජුලි 06 දක්වා සිදු කෙරෙන අතර ජූලි මස 6 වනදා මධ්‍යම රාත්‍රී 12 න් පසු මාර්ගගත (online) ප්‍රවේශය වසා තැබෙන බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.

අයදුම්පත් එවිය යුත්තේ මාර්ගගත ආකාරයෙන් වන අතර අයදුම් කිරීමේ උපදෙස් පත්‍රය හා ව්‍යවස්ථාව https://onlineexams.gov.lk/eic යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.

විශේෂ අවශ්‍යතා ඇති සිසුන් පිළිබඳ ඉල්ලුම් කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් විස්තරාත්මකව උපදෙස් පත්‍රිකාවේ සඳහන් කොට ඇත.

වැඩිදුර විස්තර

දුරකථන අංක 0112 784 537 / 0112 786 616 / 0112 784 208
ක්ෂණික ඇමතුම් – 1911
ෆැක්ස් අංකය – 0112 784 422