අද සිට යූරියා පොහොර මිටියක මිල රුපියල් 10,000 සිට රුපියල් 9,000 දක්වා අඩු කිරීමට කටයුතු කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරනවා.
රුපියල ශක්තිමත් වීම හා වියදම් අඩු කරගැනීමට හැකි වීම හේතුවෙන් ගොවි ජනතාවට මෙම වාසිය ලබාදීමට හැකිවූ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
එසේම මෙම කන්නය සඳහා මඩ පොහොර නොමිලේ ලබාදීම ක්‍රියාත්මක කළ බවත් බණ්ඩි පොහොර මිල රුපියල් 4,500 කින් අඩුකර ඇති බවත් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

