රෝහල් වල කැඩුණු යන්ත්‍ර අලුත්වැඩියා කිරීම සඳහා බිලියන 04 ක්

දැනට රෝහල් කිහිපයක අක්‍රියව ඇති ස්කෑන් යන්ත්‍ර ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය යන්ත්‍ර අලුත්වැඩියා කිරීම සඳහා රජය විසින් රුපියල් බිලියන 04 ක මුදලක් අනුමත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

මේ වන විට දිස්ත්‍රික්ක රැසක ප්‍රධාන රෝහල් වල විවිධ වූ යන්ත්‍ර කිහිපයක් ම අක්‍රිය වී තිබීම හේතුවෙන් රෝගීන් බොහෝ පීඩාවට පත් වී තිබෙනවා.