ගබ්සාවක් සිදුකිරීම සම්බන්ධයෙන් 44 හැවිරිදි බ්‍රිතාන්‍ය කාන්තාවකට මාස 28ක සිරදඬුවමක් නියම කර තිබේ.
අදාළ කාන්තාව 2019 වසරේ ගැබ්ගැනීමක් සිදුවීමෙන් පසු අන්තර්ජාලය හරහා ගබ්සාවට අදාළ වෛද්‍ය උපකරණ සොයා ඇති අතර ගබ්සා කිරීමේ සත්කාර මධ්‍යස්ථානයකින් උපදෙස් ලබාගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඇය සති 07ක පමණ ගැබිනියක් බවට හඳුනාගැනීමෙන් පසු ඇයගේ ඉල්ලීම මත අදාළ ආයතනය ගබ්සාව පොළඹවන ඖෂධ තැපැල් මඟින් යොමුකර ඇත.
එම ඖෂධය ලබාගැනීමෙන් පසු ඇති වූ ප්‍රසද වේදනාව මත එම කාන්තාව රෝහල් ගත කර තිබේ.
එහිදී කලලය ප්‍රසූත කර ඇති අතර එම කලලය සති 32ත් 34ත් අතර වයසක පසු වූ බිළිඳියක බවට වෛද්‍යවරුන් තීරණය කර ඇති බව සඳහන් වේ.
ඒ වන විටත් ඇය තිදරු මවක් වන බව විදෙස් මාධ්‍ය පවසයි.
ඇය අධිකරණයේ දී පවසා ඇත්තේ 2019 වසරේ දී රට තුළ තිබූ සෞඛ්යම ගැටලුකාරි තත්ත්වයන් සමඟ රට වසාතැබීම හේතුවෙන් නිසි පරිදි ගබ්සාව කිරීම සඳහා ප්‍රතිකාර ගැනීමට නොහැකි වූ බවය.
කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය නීතිය යටතේ ගබ්සාවක් සිදුකිරීමට අවසර හිමිවන්නේ සති 10කට අඩු ගැබ් ගැනීමක් සඳහා පමණි.
එම කාලය ඉක්මවා යාම හේතුවෙන් එම කාන්තාවට දඬුවම් නියම කර ඇති බව වාර්තා වේ.

