ට්‍රම්ප් ට එරෙහි නඩුව විභාග කිරීම අද

අමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගොනු කර ඇති අධි චෝදනා අද දින මියාමි ෆෙඩරල් අධිකරණයේ දී විභාග කිරීමට නියමිතව තිබෙනවා.

රහසිගත රාජ්‍ය ලේඛන ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිචෝදනා 37ක් ගොනු කිරීමට එරට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

2021 වසරේදී ට්‍රම්ප් ධවල මන්දිරය හැර යාමත් සමග අමෙරිකාවේ වඩාත්ම සංවේදී ආරක්ෂක රහස් කිහිපයක් දැඩි අවදානමට ලක් කළ බවත්, එරට රහස්‍ය න්‍යෂ්ටික ව්‍යපෘති ඇතුළු රහසිගත ලේඛන ඔහු අවභාවිත කර ඇති බවත් ඔහුට එල්ල වී ඇති ප්‍රධාන චෝදනා වනවා.