ජනාධිපතිවරයා සහ TNT මන්ත්‍රීවරුන් අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර විශේෂ හමුවක් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත යි.

බලය බෙදා හරිම, පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම ඇතුළු කරනු කිහිපයක් සම්බන්ධයෙන් මෙහි දී අවධානය යොමු කිරීමට සැලසුම් කර ඇත.

එමෙන්ම උතුරේ ජනතාව පදිංචි කිරීම, හමුදාව සතු ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි වාර්තා වෙන්නේ.

දෙමල ජාතික සන්ධානය නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ට මේ සඳහා සහභාගී වන ලෙස දැනුම් දී තිබෙනවා.