අඩු වූ ඩොලරයේ වාසිය පොහොර මිලටත්

ලබන සතිය වන විට රුපියල් 9,000කට පහළ මිලකින් ගොවීන්ට යූරියා පොහොර ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරනවා.

ලෝක වෙළෙඳපොලේ මිල අඩුවීම සහ ඩොලරයට සමානුපාතිකව රුපියල ශක්තිමත් වීම හේතුවෙන් මෙලෙස පොහොර මිල අඩු කිරීමට කටයුතු කරන බවයි ඔහු සඳහන් කරන්නේ.

එමෙන්ම බණ්ඩි පොහොර රුපියල් 15,000 බැගින් ද ලබා දීමට සැලසුම් කරන බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසන්නේ.

මෙවර යල කන්නය සඳහා මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් ගොවි ජනතාවට නොමිලේම මේ වන විටත් ලබා දී තිබෙනවා.