බිපාර්ජෝයි සුළිකුණාටුව ප්‍රචණ්ඩ වෙයි

අරාබි මුහුදු ප්‍රදේශයේ ඇති වූ බිපාර්ජෝයි සුළිකුණාටුව ඉතා දරුණු සුළිකුණාටුවක් දක්වා වර්ධනය වෙමින් පවතිනවා.

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ එම සුළිකුණාටුව උතුරු දෙසට ගමන් කරමින් පවතින බවත් එය ඉන්දියාවේ ගොඩබිමට ඇතුළු නොවී අරාබි අර්ධද්වීපය වෙත ගමන් කිරීමට ඉඩ ඇති බවත් ය.

කෙසේවෙතත් කුණාටුව හේතුවෙන් ගුජරාටය සහ කරච්චි ඇතුළු ඉන්දියාවේ බටහිර වෙරළ තීරයේ ප්‍රාන්ත වලට වැසි සහ තද සුළං ඇති විය හැකි වේ.

Biparjoy සුළි කුණාටුව මේ වසරේ අරාබි මුහුදේ ඇති වූ පළමු සුළි කුණාටුව වනවා.

එහි නම Biparjoy යනු බෙංගාලි භාෂාවෙන් ආපදා යන තේරුම සහිත වචනය යි.